Monday, September 7, 2015

Working Horses......

Working Horses......
ධාවනය වන දුම්රියක එන්ජිමේ බාවිත ක්ෂමතාව(Power) එහෙම නැත්නම් බාවිත අශ්වබලය(Horse Power) නිරතුරුවම දුම්රියේ වේගයත් සමග වෙනස් වෙනවා.වැඩි වේගෙකින් යන්න වැඩි අශ්ව බලයක් ඒ විතරක් නෙමේ වැඩි බරක් අදින්නත් වැඩි අශ්ව බලයක් ඕන.
අශ්ව බලය කියන්නේ ක්ෂමතාව මනින එක් ඒකකයක් විතරයි. ක්ෂමතාව මනින වෙන ඒකක තියනවා{වොට්(W),කිලෝවොට්(kW),තප්පරයටජූල්(Js-1)}.නමුත් දුම්රිය එන්ජින් සම්බන්දව වඩාත් ප්‍රචලිත ඒකකය අශ්ව බලය නිසා මම මේ ලිපියෙන් සියලු දෙනාටම දාවනය වන දුම්රියක එන්ජිමේ අශ්වබලය පහසුවෙන් හොයාගන්න පුලුවන් ක්‍රමයක්(සමීකරණයක්)ගොඩනගන්නයි හදන්නේ. තැනිතලා බිම් සදහා වෙනමත් කදුකර ආනත මාර්ග සදහා වෙනමත් සමීකරණ දෙකක් ගොඩනගන්න වෙනවා මොකද තැන්නේ හා කන්දේ එකම වේගය හා එකම බර සහිත දුම්රියක් කදුකර මාර්ගයේ යන්න වැඩි අශ්ව බලයක් ඕන නිසා. මම මුලින්ම තැනිතලා බිම් සදහා සම්බන්දය ගොඩනවා.
මේ සදහා මුලින්ම මාර්ගය හා රෝද අතර ක්‍රියාත්මක නියතයක් වන ගතික ඝර්ෂණ සංගුනකය හොයාගන්න වෙනවා.ඒ සදහා දන්නා එන්ජිමක දත්තයන් අරගන්න වෙනවා.මම මේ සදහා ගන්නේ M6 එන්ජිම(ඩිරේට් නොකරන ලද එන්ජිමක් නිසා)..
M6 ගේ බර 87 ton ලෙසද එහි උපරිම වේගය 90kmph (පිලිගත් දත්තයන්ට අනුව) ලෙසද එන්ජිමේ බල කාර්යක්ෂමතාව (Efficiency) 70% ලෙසද ගෙන H=PV {H-ක්ෂමතාව, P-Tractive Effort, V-Speed) යන සමීකරනය ආදේශ කර ගත් කල ගතික ඝර්ෂණ සංගුනකය ආසන්න වශයෙන් 0.04ක් ලෙස ලැබේ. පසුව වේගය සහ බර අඥත රාශින් ලෙස නැවතත් H=PV සමීකරණයට ආදේශ කල විට අශ්ව බලය පහසුවෙන් ගණනය කල හැකි සමිකරණය H=0.21MV or H=21MV/100 ගොඩනැගෙනවා. එහිදී දුම්රියේ බර ටොන් වලින්ද වේගය පැයට කිලෝමීටර වලින්ද ආදේෂ කලවිට ක්ෂමතාව අශ්වබල වලින් ලැබෙනවා.
එනම් H=0.21MV or H=21MV/100 {M-Total Weight of the Train(Ton), V Speed(kmph)}............මෙලෙසම M8 දත්තයන් බාවිතා කර සමීකරනය ගොඩ නැගූ විට H=0.19MV or H=19MV/100 ලැබිනි.

ඒ අනුව සමස්ථ සියලු දුම්රියන් සදහා සාදාරන ලෙස තැනිතලා බිම් සදහා සම්බන්දය H=0.20MV or H=2MV/10 ලෙස සැලකිය හැකිය..

දැන් බලමු කඳුකර ආනත මාර්ග සදහා සමීකරනය ගොඩනගන්න..ලැබෙන අගයන් වෙනස් උනාට කරන විඩිය එකමයි.වෙනසකට තියෙන්නේ මාර්ගයේ ආනතිය නිසා දුම්රියේ බරම ගමනට බාදාවක් වීම පමණයි.දුම්රියේ බරෙන් ගමනට එල්ලවන බාදාවත් සලකලා හා මාර්ගයේ ආනතිය 1:40 ලෙස අරන්(උඩරට මාර්ගය) නැවතත් කලින් ගනනයම කලවිට H=0.339MV or 339MV/1000 ලෙස සම්බන්දය ලැබෙනවා..

ඒ අනුව සමස්ථ සියලු දුම්රියන් සදහා සාදාරන ලෙස 1:40 කඳුකර ආනත මාර්ග සදහා සම්බන්දය H=0.339MV or H=339MV/1000 ලෙස සැලකිය හැකිය..

දුම්රියේ යනකොට මොබිල් එකෙන් වේගෙ මනින අයට මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා අමතරව දුම්රිය එන්ජිමේ ජවයත් හොයාගන්න..දුම්රියේ බර ආසන්න වශයෙන් අනුමාන කරගන්න නම් වෙනවා ඉතින්..කරලම බලන්නකෝ………………............…………………………………………………………………………………….
සැලකිය යුතුයි--
****සියලු ගනනය කිරීම් සදහා ගුරුත්වජ ත්වරණය 9.81 ms-2 ලෙසද වායූ ප්‍රතිරෝදය ශුන්‍යය ලෙසද බල කාර්යක්ෂමතාව 70% සලකා ඇත..
****S10, S12 සදහා ඉහත සම්බන්දය මදක් වියවුල් වේ. එසේ විය හැක්කේ එහි බල කාර්යක්ෂමතාව 70% ඉක්මවිය හැකි බැවින් යැයි හැගේ.. නමුත් මෙහි බල කාර්යෂමතාව 80%-90% ඇතියි සිතා සිතුවහොත් ඉහත සම්බන්දයට ගැලපේ...
****S11 සදහා ඉහත සම්බන්දය වඩාත් වියවුල් වේ. හැඩය නිසා ප්‍රතිරෝද බල අඩු වීමෙන් අඩු ක්ෂමතාවයකින් වැඩි වෙගයක් ලබා ගත හැකිවීම හේතුව විය හැකිය.. නමුත් මෙහි බල කාර්යෂමතාව 95% ඉක්මවා ඇතියි සිතා සිතුවහොත් ඉහත සම්බන්දයට ගැලපේ...
Just for Fun...
අඩුපාඩු, ඔයාලගේ අදහස් යෝජනා කියන්නකෝ…
Copy Right -: Lovindu Lakmal Chathuranga

No comments:

Post a Comment