Friday, December 25, 2015

අංක 50 දරන දුම්රිය M10 943 එන්ජිම සමඟ මරදානෙන් පිටත්වූයේ මාතර බලා ගමන්කිරීමටය..

අංක 50 දරන දුම්රිය M10 943 එන්ජිම සමඟ මරදානෙන් පිටත්වූයේ මාතර බලා ගමන්කිරීමටය..
වසර 11කට පෙර සුනාමියට හසුවූ දුම්රියේ මියගිය මගින් 1290 දෙනකුට ද පැරෑලියේ වැසියන් 200 ගණනකට ද මරු කැඳවූ සිද්ධිය සිහිකිරීමේ ගුණානුස්මරණය අද පැරෑලියේ සුනාමි ස්මාරකය අසළ පැවැත්වේ. පදුම ගබ්බාරාමයේ සර්ව රාත්‍රික පිරිත් දේශනය අද අවසන්විය. අද දහවල් සාංඝික දානයක් පැවැත්වේ. සුනාමියට හසුවූ දුම්රියේ එන්ජිම යොදාගෙන කොළඹ සිට මාතර දක්වා ධාවනය වන දුම්රිය එදා 2004 දෙසැම්බර් 26 දින දුම්රිය සුනාමියට හසුවූ වේලාවට පරෑලියේ නවතා විනාඩි පහක කාලයක් සුනාමිය සිහිකිරීමට ද නියමිතය.
පිටුවට like කර ඔබත් එක් වන්න,. share කර ඔබේ යහළුවන් දැනුවත් කරන්න.

M2-A 591 මැනිටෝබා එන්ජිම . මරදානෙන් පිටත්වූයේ පැරෑලියේ බලා ..

M2-A 591 මැනිටෝබා එන්ජිම . මරදානෙන් පිටත්වූයේ පැරෑලියේ බලා ..

2004 දෙසැම්බර් 26 වන දින සිදුවූ සුනාමි දුම්රිය අනතුර සිදුවී අදට දිනට වසර 11 සපිරේ.එදින අංක 50 දරන දුම්රිය M2-A මැනිටෝබා එන්ජිම සමඟ මරදානෙන් පිටත්වූයේ මාතර බලා ගමන්කිරීමටය.එහෙත් ඇයට ගමන් කිරීමට හැකිවූයේ පැරෑලිය තෙක් පමනි.අනපේක්ෂිත ලෙස ගොඩට ගලාගෙන ආ සැඩ රළ පෙලට ඇය ගොදුරු වූ අතර දුම්රිය මැදිරි පමණක් නොව ටොන් 79 බරැති දුම්රිය එන්ජිමද පෙරලා දැමීමට මුහුද රළ සමත්වූයේ දුම්රිය රියදුරු,දුම්රිය රියදුරු සහායක හා තවත් 2000 ආසන්න පිරිසකට මරුකැන්දවමිනි.
මෙලෙස අනතුරට පත්වූ M2-A 591 මැනිටෝබා එන්ජිම කෙටි කලක් ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලයේ ගාල්කර තැබූ අතර දුම්රිය සේවක මහතුන්ගේ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම එන්ජිම සුනාමි උවදුර සිදුවී වසර 04 ට පසු එනම් 2008 දෙසැම්බර් 26 දින නැවතත් ධාවනයට එක් කෙරිනි. මෙහිදී එම අනතුර සිහිවනු වස් එන්ජිමෙහි නිල් පැහැති වර්්ණ තීරුවෙහි මුහුදු රළක් සිතුවම් කර තිබේ.අදටත් මෙම එන්ජිම හොඳ ධාවන තත්ත්වයක පවතින අතර වසර 57ක අමිල සේවය සමඟින් අද දිනයේදී පැරෑලිය දක්වා ගමන් කිරීමටනියමිතය....

Monday, September 7, 2015

Working Horses......

Working Horses......
ධාවනය වන දුම්රියක එන්ජිමේ බාවිත ක්ෂමතාව(Power) එහෙම නැත්නම් බාවිත අශ්වබලය(Horse Power) නිරතුරුවම දුම්රියේ වේගයත් සමග වෙනස් වෙනවා.වැඩි වේගෙකින් යන්න වැඩි අශ්ව බලයක් ඒ විතරක් නෙමේ වැඩි බරක් අදින්නත් වැඩි අශ්ව බලයක් ඕන.
අශ්ව බලය කියන්නේ ක්ෂමතාව මනින එක් ඒකකයක් විතරයි. ක්ෂමතාව මනින වෙන ඒකක තියනවා{වොට්(W),කිලෝවොට්(kW),තප්පරයටජූල්(Js-1)}.නමුත් දුම්රිය එන්ජින් සම්බන්දව වඩාත් ප්‍රචලිත ඒකකය අශ්ව බලය නිසා මම මේ ලිපියෙන් සියලු දෙනාටම දාවනය වන දුම්රියක එන්ජිමේ අශ්වබලය පහසුවෙන් හොයාගන්න පුලුවන් ක්‍රමයක්(සමීකරණයක්)ගොඩනගන්නයි හදන්නේ. තැනිතලා බිම් සදහා වෙනමත් කදුකර ආනත මාර්ග සදහා වෙනමත් සමීකරණ දෙකක් ගොඩනගන්න වෙනවා මොකද තැන්නේ හා කන්දේ එකම වේගය හා එකම බර සහිත දුම්රියක් කදුකර මාර්ගයේ යන්න වැඩි අශ්ව බලයක් ඕන නිසා. මම මුලින්ම තැනිතලා බිම් සදහා සම්බන්දය ගොඩනවා.
මේ සදහා මුලින්ම මාර්ගය හා රෝද අතර ක්‍රියාත්මක නියතයක් වන ගතික ඝර්ෂණ සංගුනකය හොයාගන්න වෙනවා.ඒ සදහා දන්නා එන්ජිමක දත්තයන් අරගන්න වෙනවා.මම මේ සදහා ගන්නේ M6 එන්ජිම(ඩිරේට් නොකරන ලද එන්ජිමක් නිසා)..
M6 ගේ බර 87 ton ලෙසද එහි උපරිම වේගය 90kmph (පිලිගත් දත්තයන්ට අනුව) ලෙසද එන්ජිමේ බල කාර්යක්ෂමතාව (Efficiency) 70% ලෙසද ගෙන H=PV {H-ක්ෂමතාව, P-Tractive Effort, V-Speed) යන සමීකරනය ආදේශ කර ගත් කල ගතික ඝර්ෂණ සංගුනකය ආසන්න වශයෙන් 0.04ක් ලෙස ලැබේ. පසුව වේගය සහ බර අඥත රාශින් ලෙස නැවතත් H=PV සමීකරණයට ආදේශ කල විට අශ්ව බලය පහසුවෙන් ගණනය කල හැකි සමිකරණය H=0.21MV or H=21MV/100 ගොඩනැගෙනවා. එහිදී දුම්රියේ බර ටොන් වලින්ද වේගය පැයට කිලෝමීටර වලින්ද ආදේෂ කලවිට ක්ෂමතාව අශ්වබල වලින් ලැබෙනවා.
එනම් H=0.21MV or H=21MV/100 {M-Total Weight of the Train(Ton), V Speed(kmph)}............මෙලෙසම M8 දත්තයන් බාවිතා කර සමීකරනය ගොඩ නැගූ විට H=0.19MV or H=19MV/100 ලැබිනි.

ඒ අනුව සමස්ථ සියලු දුම්රියන් සදහා සාදාරන ලෙස තැනිතලා බිම් සදහා සම්බන්දය H=0.20MV or H=2MV/10 ලෙස සැලකිය හැකිය..

දැන් බලමු කඳුකර ආනත මාර්ග සදහා සමීකරනය ගොඩනගන්න..ලැබෙන අගයන් වෙනස් උනාට කරන විඩිය එකමයි.වෙනසකට තියෙන්නේ මාර්ගයේ ආනතිය නිසා දුම්රියේ බරම ගමනට බාදාවක් වීම පමණයි.දුම්රියේ බරෙන් ගමනට එල්ලවන බාදාවත් සලකලා හා මාර්ගයේ ආනතිය 1:40 ලෙස අරන්(උඩරට මාර්ගය) නැවතත් කලින් ගනනයම කලවිට H=0.339MV or 339MV/1000 ලෙස සම්බන්දය ලැබෙනවා..

ඒ අනුව සමස්ථ සියලු දුම්රියන් සදහා සාදාරන ලෙස 1:40 කඳුකර ආනත මාර්ග සදහා සම්බන්දය H=0.339MV or H=339MV/1000 ලෙස සැලකිය හැකිය..

දුම්රියේ යනකොට මොබිල් එකෙන් වේගෙ මනින අයට මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා අමතරව දුම්රිය එන්ජිමේ ජවයත් හොයාගන්න..දුම්රියේ බර ආසන්න වශයෙන් අනුමාන කරගන්න නම් වෙනවා ඉතින්..කරලම බලන්නකෝ………………............…………………………………………………………………………………….
සැලකිය යුතුයි--
****සියලු ගනනය කිරීම් සදහා ගුරුත්වජ ත්වරණය 9.81 ms-2 ලෙසද වායූ ප්‍රතිරෝදය ශුන්‍යය ලෙසද බල කාර්යක්ෂමතාව 70% සලකා ඇත..
****S10, S12 සදහා ඉහත සම්බන්දය මදක් වියවුල් වේ. එසේ විය හැක්කේ එහි බල කාර්යක්ෂමතාව 70% ඉක්මවිය හැකි බැවින් යැයි හැගේ.. නමුත් මෙහි බල කාර්යෂමතාව 80%-90% ඇතියි සිතා සිතුවහොත් ඉහත සම්බන්දයට ගැලපේ...
****S11 සදහා ඉහත සම්බන්දය වඩාත් වියවුල් වේ. හැඩය නිසා ප්‍රතිරෝද බල අඩු වීමෙන් අඩු ක්ෂමතාවයකින් වැඩි වෙගයක් ලබා ගත හැකිවීම හේතුව විය හැකිය.. නමුත් මෙහි බල කාර්යෂමතාව 95% ඉක්මවා ඇතියි සිතා සිතුවහොත් ඉහත සම්බන්දයට ගැලපේ...
Just for Fun...
අඩුපාඩු, ඔයාලගේ අදහස් යෝජනා කියන්නකෝ…
Copy Right -: Lovindu Lakmal Chathuranga

Thursday, September 3, 2015

Sensation Rock - ලොමු දැහැ ගන්වන පර්වතය



උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ බලන දුම්රිය ස්ථාන අතර හමුවන කුඩා කඳු ගැටයක් තිබේ. කිසිවකුගේත් විශේෂ අවධානයට යොමු නොවන එහි නම මොටන කන්ද ය. එහි උස මුහුදු මට්ටමින් මීටර් 584.30 කි. අඩි වලින් කිවහොත් එක් දහස් නවසිය හතරකි (1904 ft.).

උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රධාන ත්‍රාසජනක කඩඉම සැතපුම් හැට එකේ කණුව පසු කළ විට හමුවෙයි. ඒ 'හකුරා වැටිච්ච ගල' යනුවෙන් හැඳින්වෙන ස්ථානය යි. විශාල කළු ගල් පර්වතයක් හරහා ඉංග්‍රීසි 'එල්' අකුරේ හැඩයට කපන ලද අඩි දහ අටක් පළල කට්ටයක් හරහා අඩි දහසක පමණ දුරක් දුම්රිය ඇදී යන්නේ අඩි දහසකට ආසන්න ගැඹුරු ප්‍රපාතයක් පසුකරමිනි. මුහුදු මට්ටමින් අඩි එක් දහස් තුන් සියයක් උසින් පිහිටි මෙම දුර්ග මාර්ගයට සම්බන්ධ බිහිසුණු ප්‍රපාතය කෙතරම් ශීඝ්‍රාකාර ද යත් මෙම දුම්රිය මාර්ගය තැනූ ඉංග්‍රීසිහුම ලොමුදැහැගැන්වෙන පර්වතය යන අදහස ඇති Sensation Rock යන නම ඊට පට බැන්දහ.

මෙම පර්වතය හකුරාවැටිච්චගල ලෙස නම් ලැබීම සම්බන්ධ ජන ප්‍රවාදයක් ඇත. ඒ කන්ද උඩරට රාජධානි සමයේ කිතුල් මැදීමට ගිය රජවාසලට හකුරු සපයන්නකු මේ ප්‍රපාතයෙන් වැටී මිය ගිය පුවතකි.

Wednesday, September 2, 2015

ශ්‍රී ලංකාවේ. සමස්ථ දුම්රිය සේවයේම මහත් ආන්දෝලනයකට තුඩුදුන් එන්ජිම් වර්ගයට අයත් වෙන M9 864 දරන එන්ජිම.. මහනුවර - මාතර දුම්රිය රැගෙන කොලබ බලා දාවනය වෙමින්..2000 වසරේදි මෙම වර්ගයේ එන්ජිම මෙරටට ලගා විය.මෙම එන්ජිම විවිධාකාර ගැටලු රාශියකට මුහුණ දෙමින් ධාවනය වේ. මෙම එන්ජින් මෙරටට පැමිණ ටික කලකදීම එකින් එක ධාවනයෙන් ඉවත් වී දුම්රිය අංගන වල තැන් තැන් වල අත් හැර දැමුණා. එමෙන්ම අංක 868 එන්ජිම තලාව ආසන්නයේදි ගිනිගැනීමට ලක්වුන අතර එය නැවත අලුත්වැඩියා කල නොහැකියි. මේ වන විට මෙම එන්ජින් අතුරෙන් අංක 866, 864, 870, 872 දරණ එන්ජින් අලුත්වැඩියා කරල යම් යම් වෙනස්කම් සහිතව ධාවනයට එකතු කර තිබෙනවා. අනෙක විදි බාදක මේද මෙම එන්ජිම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසාල සේවයක් සිදු කරයි..