M2-A 591 මැනිටෝබා එන්ජිම . මරදානෙන් පිටත්වූයේ පැරෑලියේ බලා ..
2004 දෙසැම්බර් 26 වන දින සිදුවූ සුනාමි දුම්රිය අනතුර සිදුවී අදට දිනට වසර 11 සපිරේ.එදින අංක 50 දරන දුම්රිය M2-A මැනිටෝබා එන්ජිම සමඟ මරදානෙන් පිටත්වූයේ මාතර බලා ගමන්කිරීමටය.එහෙත් ඇයට ගමන් කිරීමට හැකිවූයේ පැරෑලිය තෙක් පමනි.අනපේක්ෂිත ලෙස ගොඩට ගලාගෙන ආ සැඩ රළ පෙලට ඇය ගොදුරු වූ අතර දුම්රිය මැදිරි පමණක් නොව ටොන් 79 බරැති දුම්රිය එන්ජිමද පෙරලා දැමීමට මුහුද රළ සමත්වූයේ දුම්රිය රියදුරු,දුම්රිය රියදුරු සහායක හා තවත් 2000 ආසන්න පිරිසකට මරුකැන්දවමිනි.
මෙලෙස අනතුරට පත්වූ M2-A 591 මැනිටෝබා එන්ජිම කෙටි කලක් ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලයේ ගාල්කර තැබූ අතර දුම්රිය සේවක මහතුන්ගේ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම එන්ජිම සුනාමි උවදුර සිදුවී වසර 04 ට පසු එනම් 2008 දෙසැම්බර් 26 දින නැවතත් ධාවනයට එක් කෙරිනි. මෙහිදී එම අනතුර සිහිවනු වස් එන්ජිමෙහි නිල් පැහැති වර්්ණ තීරුවෙහි මුහුදු රළක් සිතුවම් කර තිබේ.අදටත් මෙම එන්ජිම හොඳ ධාවන තත්ත්වයක පවතින අතර වසර 57ක අමිල සේවය සමඟින් අද දිනයේදී පැරෑලිය දක්වා ගමන් කිරීමටනියමිතය....

No comments:
Post a Comment