උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රධාන ත්‍රාසජනක කඩඉම සැතපුම් හැට එකේ කණුව පසු කළ විට හමුවෙයි. ඒ 'හකුරා වැටිච්ච ගල' යනුවෙන් හැඳින්වෙන ස්ථානය යි. විශාල කළු ගල් පර්වතයක් හරහා ඉංග්‍රීසි 'එල්' අකුරේ හැඩයට කපන ලද අඩි දහ අටක් පළල කට්ටයක් හරහා අඩි දහසක පමණ දුරක් දුම්රිය ඇදී යන්නේ අඩි දහසකට ආසන්න ගැඹුරු ප්‍රපාතයක් පසුකරමිනි. මුහුදු මට්ටමින් අඩි එක් දහස් තුන් සියයක් උසින් පිහිටි මෙම දුර්ග මාර්ගයට සම්බන්ධ බිහිසුණු ප්‍රපාතය කෙතරම් ශීඝ්‍රාකාර ද යත් මෙම දුම්රිය මාර්ගය තැනූ ඉංග්‍රීසිහුම ලොමුදැහැගැන්වෙන පර්වතය යන අදහස ඇති Sensation Rock යන නම ඊට පට බැන්දහ.
මෙම පර්වතය හකුරාවැටිච්චගල ලෙස නම් ලැබීම සම්බන්ධ ජන ප්‍රවාදයක් ඇත. ඒ කන්ද උඩරට රාජධානි සමයේ කිතුල් මැදීමට ගිය රජවාසලට හකුරු සපයන්නකු මේ ප්‍රපාතයෙන් වැටී මිය ගිය පුවතකි.
No comments:
Post a Comment